OPEN

#

OPEN

#

Jun 16, 2019

සිලොන් තේ ප්‍රවර්ධනයට දුන් කෝටි 32 හමස් පෙට්ටියේ Featured

තේ අලෙවිය ප්‍රවර්ධනය කිරීමට සිලෝන් තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ 2015 සිට 2018 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 3,284ක මුදලක් වෙන් කර ඇතත් ඉන් කිසිදු ප්‍රවර්ධනයක් සිදුව නොමැති බව වාර්තා වේ.

2015 නොවැම්බර් 06 වැනිදා ලංකා තේ මණ්ඩලය අදාළ කාර්යය සඳහා පෞද්ගලික සමාගමක් සමග ගිවිසුමකට එළඹ රුපියල් ලක්ෂ 1,953ක මුදලක් ලබාදී ඇත.

මේ සඳහා මාධ්‍ය කටයුතුවලට ආයතනයක් තෝරා ගැනීමට නොහැකි වීම නිසා අපේක්ෂිත කාර්යය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී තිබේ.

නිර්මාණය කළ රූපවාහිනී දැන්වීමද 2016 අප්‍රේල් මාසය වනවිට සකස් කර අවසන් කර ඇතත් 2018 අගෝස්තු 31 වැනිදා වනවිටත් දැන්වීම ප්‍රචාරය වී නොතිබුණු බව පැවසේ.

මේ ප්‍රචාරණ කටයුතු සම්පූර්ණයෙන්ම විදෙස් රටවල් වෙත ඇදී යන අතර ඉන් අත්වන ප්‍රතිලාභ මැනීමට හෝ ක්‍රමවේදයක් තේ මණ්ඩලය සතුව නැති බව පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top