එහි වැදගත් ලිඛිත ශාක්ෂි කිහිපයක්ම ඇතැයි ද වාර්තා වේ.
මේ තොරතුරු හෙළිවූයේ සතිඅන්ත පුවත්පතක් විසින් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා විසින් එම ප්‍රහාරය සම්බන්ධයෙන් අප්‍රේල් මස 09 වැනිදා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ලබාදුන් වාර්තාව මගින් ප්‍රහාරය සම්බන්ධ තොතුරු නිශ්චිතව තහවුරු කර නොමැති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදීය.
මේ අතර, අප්‍රේල් 16 වැනිදා කාතන්කුඩියේ පිහිටි වත්තක යතුරුපැදියක ඇටවූ අධිබලැති බෝම්බයක් පිපිරවීම සහ්රාන් හෂීම්ගේ වැඩක් බව SIS එක විසින් හිටපු පොලිස් පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබූ බවද වාර්තා වේ.
පුපුරාගිය යතුරු පැදියේ ලියාපදිංචි අයිතිකරු කැලණිය ප්‍රදේශයේ කාන්තාවක් බවත්, ඇය එම යතුරුපැදිය වසර දෙකහමාරක් පමණ භාවිත කර කදානේ පිහිටි ඒජන්සියකට අලෙවි කිරීමට භාරදී ඇති බවත් පොලිසිය හෙළිකරගෙන තිබී ඇත.
කඳානේ යතුරුපැදි අලෙවි සැලෙන් එම යතුරු පැදියත් තවත් යතුරු පැදියකුත් දෙදෙනකු පැමිණ මිලදී ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබී ඇති අතර එම යතුරුපැදි දෙක මිලදී ගත් පුද්ගලයා සිය අනන්‍යතාව තහවුරු කර ඇත්තේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර බවද පැවසේ. එසේ ලබාදී තිබුණේ ගාල්ලේ පදිංචි පුද්ගලයකුට අයත් හැඳුනුම්පතක් වන අතර හැඳුනුම්පත අයිතිකරු පවසා තිබුණේ එය පුත්තලමේදී නැතුවූ බවයි.
තවද, රජයේ බුද්ධි සේවය ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයාට අප්‍රේල් 20 වැනිදා හවස 5.00ට හෝටල් සහ පල්ලිවලට නියත වශයෙන්ම ප්‍රහාරයක් එල්ලවන බව දන්වා ඇති අතර එය ලිඛිතව හා දුරකථනයෙන් දැනුම්දීම සම්බන්ධ තොරතුරු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
සබැදි පුවත්
පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු සනාථ නොකළ බවට පුවත් වාර්තාවක්