Jun 16, 2019

ජූලි පළවැනිදා සිට ලක්ෂ 5ක විශ්‍රාමවැටුප් විශමතා ඉවතට !

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව 2015.12.31 ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 500,000කට පමණ මෙම විශ්‍රාම වැටුප් වැඩිවීමේ වාසිය හිමිවේ.

මෙසේ විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප රු. 2,800 සහ රු. 20,000 අතර මුදලකින් වැඩි වේ.

2015 දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර සේවයෙන් විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපේ පැවැති විෂමතාව ඉවත් කිරීම හරහා එම විශ්‍රාමිකයන්ට සහන සැලසේ.

මෙම විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා හේතු වූයේ 2015 දෙසැම්බර් මස 31 දාට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් සහ 2015 න් පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් යන දෙපිරිස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ දෙකක් යටතේ විශ්‍රාම ගැන්වීමෙන් ඇතිවූ විෂමතාවය හේතුවෙනි.

2015 දෙසැම්බර් මස 31 වැනි දාට පෙර විශ්‍රාම ගිය අය සඳහා 05/2015 වක්‍රලේඛය ක්‍රියාත්මක වූ අතරඉන් පසු විශ්‍රාම යන්නන් සඳහා ක්‍රියාත්මක වනුයේ 03/2016 චක්‍ර ලේඛයයි.

03/2016 යටතේ වන විශ්‍රාමිකයන් සඳහා 2020 දක්වා ක්‍රමානූකූලව වැටුප් සංශෝධන සිදු කෙරෙන අතර 2015 වැටුපට සාපේක්ෂව එම සියලු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 2020 දී 107%කින් වැඩිවනු ඇත.

මුදල් අමාත්‍යංශය නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Fin 001

Fin 02

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top