Jun 16, 2019

පොසොන් සතියෙත් කුකුළු ඝාතකාගාර වැඩ

පසුගිය 12 වැනිදායින් ආරම්භකර ලබන 18 වැනිදායින් අවසන් වන පරිදි රජය විසින් පොසොන් සතියක් ප්‍රකාශයට පත්කර තිබියදී ද කුකුළු ඝාතකාගාර ක්‍රියාත්මකව ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වයට හේතුවී ඇත්තේ අදාළ සතිය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් නොකිරීම බවද පැවසේ.

බයිරා, ක්‍රිස්බ්‍රෝ ඇතුළු කුකුළු නිෂ්පාදනාගාර කිහිපයකම පසුගිය සතියේදී ඝාතාගාර ක්‍රියාත්මකව පැවැති බව ශ්‍රී ලංකා මිරර් එහි සේවකයින්ගෙන් කිහිපදෙනෙකුගෙන් කළ විමසීම්වලදී හෙළිදරව්කර ගැනීමට හැකිවිය.

කෙසේවුවද, වෙසක් සතිය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබූ අතර එම කාලයේදී ද කුකුළු ඝාතකාගාර ක්‍රියාත්මකව පැවැති බව මේ අතර වාර්තා වේ.

අදාළ කේෂත්‍රයට සම්බන්ධ ප්‍රවීනයන් කිහිපදෙනෙකුගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ මෙවැනි සති රජය විසින් නම් කළද සත්ව පාලනය වැනි කාරණාවලට ඒවා ප්‍රායෝගිකව යොදාගැනීම අපහසු බවයි.

මේ තත්ත්වය නිසා එවැනි සති ප්‍රකාශයට පත් කිරීමෙන් සත්වපාලනයට සම්බන්ධ සියළු කේෂත්‍ර අපහසුතාවයට පත්වන බවත් එය ජාතික ආර්ථිකයට ද හානිදායක බවයි.

සබැඳි පුවත්

හමුදාවට ලබාදෙන ක්‍රිස්බ්‍රෝ චිකන් බල්ලන්ට කන්නදායි !

ඇමති ෆීලික්ස් බදාගත් යුධ හමුදාවේ මස් ටෙන්ඩරය

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top