Jun 17, 2019

ලයිට් ගියාම පාවිච්චිකරන්න ඇප් එකක්

විදුලි බිඳවැටීම් පිළිබඳ කඩිනමින් දැනුම් දීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් අද (17) හදුන්වාදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

සී.ඊ.බී. කෙයා (CEB Care) ලෙසයි එම යෙදවුම නම්කර තිබේ.

දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන හදිසි විදුලි බිඳ වැටීමක් බලධාරින්ට ක්ෂණිකව දැනුම්දීමට මෙමඟින් අවස්ථාව සැලසෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
 
වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම අරමුණ කරමින් මේ සේවාව ආරම්භ කළ බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top