Jun 17, 2019

විසි වසරකට පෙර වරදකට අනුරාධපුර නගරාධිපති රිමාන්ඩ්

අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු මේ මස (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම වැඩ බලන මහේස්ත්‍රාත් පුෂ්පානී වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.

ඒ ජනාධිපතිවරණය පැවති 1999 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කල ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෙකු වන වර්තමාන අනුරාධපුර ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට යුදහමුදාව භාවිතා කරන විදේශීය අත්බෝම්බයකින් පහරදී දේපළ රැසකට බරපතළ අනර්ථයක් සිදුකිරිමේ සිද්ධියටය.

වසර විස්සකට පසුව තඹුත්තේගම මූලස්ථාන පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු මේ මස (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම වැඩ බලන මහේස්ත්‍රාත් පුෂ්පානී වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top