Jun 18, 2019

සහ්රාන්ගේ බෝම්බකරු ටාජ් බෝම්බය නොපිපරවූ හේතුව දයාසිරි හෙළිකරයි (වීඩියෝ) Featured

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස කිසියම් විදේ බලවේගයක් සිටි බව පැහැදිළිව කිව හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමිනි.

ටාජ් සමුද්‍ර හෝටලයට බෝම්බ ගැසීමට පැමිණි බෝම්බකරු එයට බෝම්බ නොගසන්නේ එහි අභ්‍යන්තරයේ සිටි පිරිස නිසා යැයිද ඔහු කියා සිටී.

දයාසිරි මහතා කළ අදහස් දැක්වීම පහත දැක්වේ.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට අද තීරණාත්මකයි

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සෙවීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට අද (18) තීරණාත්මක දිනයක් බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග හෙළි කරනවා.

ඊට හේතුව ලෙස දක්වන්නේ මෙම කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙනයෑම පිළිබඳව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ඇතුළු කාරක සභා සාමාජිකයන් අද කථානායක කරු ජයසූරිය සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වීමට කටයුතු යොදාගෙන තිබීමයි.

මූලික විමර්ශන ලෙස දැනට අදාළ සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනකුම කැඳවා සාක්ෂි විමසන ලදී.

සක්‍රිය සේවයේ සිටින කිසිදු නිලධාරියකු එම තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට ඉඩ නොතබන බවත් එම සියලු නිලධාරීන්ගේ වගකීම තමා භාරගන්නා බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කලින් සඳහන් කර තිබුණි.

එම නියෝග සමඟ මෙම කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුකිරීම දැඩි අර්බුදයකට ලක්වී තිබේ.

ඊට තවත් හේතුවක් වී ඇත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩු 5ක් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවැතීමයි.

එම නිසා අවසන් වාර්තාවක් සකස් කිරීමෙන් තොරව මූලික විමර්ශන කටයුතු අවසන් කර නඩු විභාග වී අවසන් වනතුරු බොහෝදුරට මෙම කාරක සභාවේ කටයුතු තාවකාලිකව නතර කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇති බවද පැවසේ

නඩු කටයුතු අවසන් වූ පසුව යළි මෙම කාරක සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවද ඉහත ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

කෙසේ වෙතත් අද කථානායක කරු ජයසූරිය හමුවී මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව තීන්දුවක් ගැනීමට නියමිතය.

කාත්තන්කුඩි OIC ලා අද එයිද ?

මේ අතර, කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපති හා වත්මන් ස්ථානාධිපති යන දෙදෙනාට අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණ ද ඔවුන් ඊයේ (17) රාත්‍රිය වන තෙක් මේ සඳහා පැමිණෙන්නේද යන්න පිළිබඳව ස්ථිරවී නොතිබිණි.

ඒ ඔවුනට පොලිස්පතිවරයාගෙන් ඒ සඳහා යාමට අවසර ලැබී නොතිබුණු නියාස.

පොලිසිය පවතින්නේ නීතියි හා සාමය අමාත්‍යංශය යටතේ වන අතර එම අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වන්නේ ජනාධිපතිවරයාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top