Jun 18, 2019

සාෆිට චෝදනා කරන තිලංගගේ අයියාටත් චෝදනාවක් Featured

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිදු කළ අකටයුත්ත සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිසි කොමිසමක් පත් කරන්නේ නැතිනම් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඒ සඳහා කොමිසමක් පත්කර ස්වාධීන විමර්ශනයක් සිදු කරන බව එම සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා කියා සිටී.

ඒ සඳහා රටේ පිළිගත් විද්වතුන් සහභාගි කරගන්නා බවද ඒ මහතා සඳහන් සඳහන් කර තිබේ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ එම්’ බී’ ආරියපාල ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පවසා ඇත.

වෛද්‍ය සාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ මවුවරුන් සම්බන්ධ ස්වාධීන කොමිසමක් පත්කර සම්පූර්ණ සොයාබැලීමක් කළ යුතු බවත් දැනට සිදුකරන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් කිසිසේත්ම තම සම්මේලනය සෑහීමකට පත් නොවන බවත් ඒ මහතා සඳහන් කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජගත් සුමතිපාල මහතා "මේ වගේ ජන සංහාර එදා හිට්ලර් කළා’ ජාතියක් වැනසීමට කළ දෙයක් මේ’ මේ තත්ත්වය අති භයානකයි’ සුළුතර තැකිය යුතු දෙයක් නෙමෙයි’ ජනතාව තුළ විශාල සැකයක් බියක් තියෙන දෙයක් පිළිබඳව මීට වඩා කඩිනමින් සොයාබැලිය යුතුයි’ ඒ පිළිබඳව සත්‍ය දැනගැනීමේ අයිතියක් අපට තිබෙනවා"

"සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ලෙස යම් යම් හේතූන් මත මේ මවුවරුන්ට අසාධාරණයක් වුණා දැයි ප්‍රථමයෙන් පැහැදිලි කරගත යුතුයි ඒ සඳහායි ස්වාධීන විද්වත් කොමිසමක් පත්කළ යුතුවන්නේ’ සෞඛ්‍ය ලේකම්තුමාට ලිපියක් ඉදිරිපත් කරලා ලංකාවේ ඉන්න සියලූම ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරුන්ගේ ලැයිස්තුවක් ඉල්ලූවා’ මේ ගැන සමීක්ෂණයක් කරගන්න’ ඊට පිළිතුරක් තවම ලැබුණේ නැහැ’ විශේෂයෙන් කුරුණෑගල වෛද්‍යවරුන් ඊට මැදිහත් වීම තුළ අපි බලාපොරොත්තු වෙනවා ස්වාධීන කොමිසමක් යටතේ කටයුතු කරන්න’

සාෆිට කලින් අසරන කළ සේවකයන් ගැන සොයන්න කමිටුවක් දාන්න - ෆ්‍රෑන්ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ සහෝදරයා වන ජගත් සුමතිපාල මහතාගේ මේ ප්‍රකාශයත් සමඟ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය කියා සිටින්නේ නූපන් දරුවන්ගේ දුක ගැන කතා කරන සුමතිපාල මහතා ඒ මහතා ළඟ සේවය කල ලක්බිම පුවත්පතේ සේවකයන් හිටි හැටියේ ඉකුත් දෙසැම්බරයේ එළියට දැමීමෙන් හාමත් වූ උපන් දරුවන් ගැන සෙවීමට කමිටුවක් දමන ලෙසයි.

එහි ලේකම් ෆ්‍රෑන්ක් ද සොයිසා මහතා කියා සිටියේ හක්කේ බුදු රැස් ඇති මේ අයගේ බොක්කේ ඇත්තේ දඩමස් බවයි.

සුමතිපාල අයිය මලෝ දෙදෙනා නිසා ලක්බිම පුවත්පතේ සේවකයන්ට විශාල අකටයුත්තක් වූ බවත් එහි සේවය කළ ස්ථිර සේවකයන් 30ක් පමණ පසුගිය කාලයේ කිසිදු ගෙවීමක් නොකර මොවුන් පාරට ඇද දැමූ බවටත් ඔහු චෝදනා කළේය.

එසේම මේවන විට ඉරිදා ලක්බිමද වසා දැමීමට කටයුතු කර ඇති මොවුන් එහි සේවය කළ 80ක පමණ සේවක සේවිකාවන් පිරිසකගේ රැකියා අනතුරේ හෙළා ඇති බවද ඔහු කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top