Jun 18, 2019

ලංකාවට ICCයෙන් චාන්ස් එකක් Featured

2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමගින් පැවැති තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවට සහභාගි නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාමට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (ICC) විසින් දඬුවමක් නොපනවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එවැනි සිදුවීමක් යළි ඇති නොවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග එකඟ වූ බව ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පසුගියදා (15) දා පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක් අත්විඳීමට සිදුවිය.

එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිතයෙකු සහභාගි නොවීම ආන්දෝනාත්මක සිදුවීමක් විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top