Jun 18, 2019

තව්හීද් සාමාජිකයෙක් මුදාගන්න අල්ලස් දුන්න පුද්ගලයාට ඇප

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පනස් දහසක අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් 15000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ හතර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

පැමිනිල්ල සැප්තැම්බර් මස 10 වැනිදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් ද නියෝග කර ඇත.

ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ සැකකරු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියා නියම කළාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top