මින් වැඩි පිරිසක් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙසෙන ජනතාව බවද වාර්තා වේ.
මාස කීපයකින් උතුරු පළාතට වර්ෂාව නොලැබීම නිසා එම පළාත් ළිං සහ කුඩා වැව් සියල්ලම සිඳීයාම පානීය ජල අර්බුදයට හේතුව වන බවද පැවසේ.
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දහනවදහස් දෙසිය තිහක් පමණ නියඟයෙන් පීඩා විඳින අතර උතුරු මැද පළාතේ පුද්ගලයින් එකලොස් දහස් අටසිය පනස් හයක් නියඟයෙන් බලපෑම් එල්ල වි ඇති බව ආපදා කලමනාකරණ මධයස්ථානය පවසයි.
නැගෙනහිර පළාතේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දෙදහස් නවසිය තිස් හයක් බවද වැඩිදුරටත් වාර්තා වේ.