Jun 18, 2019

අද දෙරණ නිවුස් සද්දෙටයි එළියටයි ඇමරිකන් සම්මාන !

අද දෙරණ ප්‍රවෘත්ති විකාශයට ඇමරිකාවේ නිව්යෝක් නුවරදී අන්තර්ජාතික සම්මාන දෙකක් ඊයේ (17) ලැබුණු බව එම පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එම සම්මාන හිමිව ඇත්තේ "හොඳම ප්‍රවෘත්ති මැදිරි ආලෝකකරණය“ සහ "හොඳම ප්‍රවෘත්ති තේමා සංගීතය” සඳහාය.

ඇමරිකාවේ "නිව්ස්කාස්ට් ස්ටුඩියෝ" මඟින් මෙහෙයවනු ලබන මේ සම්මාන උළෙල "ප්‍රචාරක නිෂ්පාදන සම්මාන ප්‍රදානොත්සවය" මෙවර පැවැත්වෙන්නේ 10 වැනි වරට බව පැවසේ.

ප්‍රචාරණ සහ සන්නිවේදන ක්ෂේත්‍රෙය් ආයතනවල නිෂ්පාදන මෙහිදී අංශ ගණනාවක් ඔස්සේ සම්මානයට පාත්‍රවන බවද වාර්තා වේ.

මෙවර එම සම්මාන ප්‍රදානොත්සවය සඳහා රටවල් 70 ක නිර්දේශ නාම 200 ක් ඉදිරිපත්ව තිබූ බවද පැවසේ.

ශ්‍රී ලාංකේය ප්‍රවෘත්ති සන්නාමයක් මෙම අන්තර්ජාතික සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍ර වූ පළමුවතාව මෙය බවද වාර්තා වේ.

CNN, ESPN, NBC ආදී රූපවාහිනී ක්ෂේත්‍රෙය් නමදිනූ නාලිකා රැසක් මීට පෙර මෙම අංශ නියෝජනය කරමින් "නිව්ස්කාස්ට් ස්ටුඩියෝ” සම්මානය දිනාගෙන ඇත.

ඒ අනුව අද දෙරණ සම්මානයට පාත්‍ර වූ " නිව්ස්කාස්ට් ස්ටුඩියෝ 2019" අන්තර්ජාතික සම්මාද ප්‍රදානොත්සවය ඉදිරි දිනකදී ඇමරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වීමට නියමිත බවද පැවසේ.

සබැඳි පුවත්

සක්විති ආයෙත් බොරුකරයි : චතුර බොරුවට මුලපුරයි (වීඩියෝ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top