OPEN

#

OPEN

#

Jun 19, 2019

දුම්රිය වර්ජනය ස්ථිරයි

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක බැවින් අද (19දා) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වැඩවර්ජනය ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

පවතින වැටුප් විෂමතාව හා ශ්‍රේණි ගැටලු පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවද දුම්රිය එංජින් රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

දුම්රිය වැඩවර්ජනය අද (19දා) මධ්‍යම රාත්‍රියේ සිට 21 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top