Jun 19, 2019

මහින්දට රජයෙන් වෙඩි නොවදින රථම 3ක් දීලා : මෙන්න ලිස්ට් එක Featured

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සහ විපක්ෂ නායක කාර්යාලයට, ආරක්ෂක ඇමැතිවරයාට සහ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාට වාහන මිලදී ගැනීම ඇතුළු කරුණු ගණනාවක් වෙනුවෙන් මුදල් ඉල්ලා ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව පසුව ඉවත් කර ගත්තේය.

කෙසේවුවද, මෙය ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂ නායකවරයාට වාහනයක් ලබාදී ඇති බවට ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක ඉදිරිපත් කළ ප්‍රකාශයත් සමඟ සභාව කැළබිණි.

පසුව මේ විවාදයට විපක්ෂ නායකවරයාද එක්වෙමින් කියා සිටියේ "මම විපක්ෂ නායක ලෙස පත්වන විට හිටපු විපක්ෂනායක තිබුණ වාහන ගෙන ගියා. නිල නිවසත් පරිහරණය කළා. කාර්යාලය නම් දුන්නා. විපක්ෂ නායකට වාහනයක් ලබාදීම එතරම් දුෂ්කරද?” යැයි විමසා සිටියේය.

කෙසේවුවද, මේ කතා බහත් සමඟ ශ්‍රී ලංකා මිරර් අප කළ සෙයා බැලීමකදී හෙළිවූයේ මේවන විට ලොව වැඩිම වෙඩි නොවදින රථ ප්‍රමාණයක් පරිහරණය කරනු ලබන විපක්ෂ නායකවරුන් අතරින් එක් අයකු වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවයි.

ඔහුට මේවන විට දී ඇති වෙඩි නොවදින (Bulletproof) රථ ගණන 3ක් බව පැවසේ. එම වෙඩි නොවදින රථ සියල්ල මර්සිඩීස් බෙන්ස් S Class ඒවා බවද පැවසෙන අතර එම රථයක වටිනාකම රුපියල් ලක්ෂ 2,500 ක් පමණ වනු ඇති බවද වාර්තා වේ.

ඔහුට ලබාදී ඇති සම්පූර්ණ මෝටර් රථ ගණන 8ක් බවද පැවසේ.

රජයෙන් විපක්ෂ නායකවරයාට ලබාදී ඇති මෝටර් රථ ලයිස්තුව මෙසේය.

  • A 232832 (Bulletproof) (Benz - S Class)
  • A 233246(Bulletproof) (Benz - S Class)
  • CAD-0223 (Bulletproof) (Benz - S Class)
  • A 233364 Dmy (Benz - S Class)
  • KX-2389 Defender
  • KX-2431 Defender
  • KX-5292 Land Cruiser
  • PF-7307 Cab

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top