OPEN

#

OPEN

#

Jun 19, 2019

CPSTL ප්‍රධාන නීති නිලධාරියාට ජනාධිපති කොමිසමෙන් සිතාසි යවයි

ලංකා පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් (CPSTL) හි ප්‍රධාන නීති නිලධාරියාට ජුනි 21 වැනිදා රාජ්‍ය අංශයේ දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබේ.

එම ආයතනයේ අභ්‍යන්තර විගණන කළමණාකරුවෙකු වන මහේන්ද්‍ර ජයසේකර මහතා අද (ජුනි 19) රාජ්‍ය අංශයේ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැවසුවේ ලංකා පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් එරෙහි නඩුවක සාක්ෂි සැපයීම සම්බන්ධයෙන් නීති නිලධාරියා ඔහුට එරෙහිව පියවර ගැනීමට වක්‍රව උත්සාහ කරමින් සිටින බවයි.

ඛනිජ තෙල් බවුසර් සඳහා ටයර් 44,000 ක් මිලදී ගැනීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවයන් පිළිබඳව ලංකා පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමට එරෙහිව ගොනු කර ඇති නඩුවක සාක්ෂිකරුවකු මේබව කියා සිටියේය.

ඒ අනුව, ලංකා පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි ප්‍රධාන නීති උපදේශක ලයනල් ගුණසේකර මහතාට කොමිසම හමුවේ පෙනී සිටිමින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස සිතාසි නිකුත් කරන ලදී.

ඛනිජ තෙල් ගබඩාවට එරෙහිව තවත් පැමිණිලි තුනක් කොමිෂන් සභාව විසින් විමර්ශනය කරමින් සිටින බවද මේ අතර වාර්තා වේ.

ඉන්ධන සැපයීමේදී තාර නිෂ්පාදනය හා ඇතැම් වංචනික ගනුදෙනු සඳහා බොරතෙල් මිලදී ගැනීමේ අක්‍රමිකතා එම පැමිණිවලට ඇතුළත්ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top