Jun 20, 2019

කබීර් - හලීම් ජනපති බාගනියි : ඊයෙ දිවුරණ බව රනිල් දන්නෙ නෑ (වීඩියෝ) Featured

ඇමති ධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරුන් අතරින් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (19) යළි අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නොදැන සිටි බව දේශපාලන ආරංචිවලින් වාර්තා වේ.

අගමැතිවරයා මේ බව දැනගෙන ඇත්තේ ඊයේ (19) සිරිකොත එජාප මූලස්ථානයේදී ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය රවී කරුණානායක මහතා කළ දැනුම්දීමකට අනුවය.

කරුණානායක අමාත්‍යවරයා මෙය දැනගෙන ඇත්තේද ඔහුට ලැබුණු ප්‍රවෘත්ති කෙටි පනිවුඩයකිනි (news alert).

කෙසේවුවද, මෙය ව්‍යවස්ථාව උලංඝනය කිරීමක් බව සිද්ධියෙන් සිත බිඳුණු අගමැතිවරයා පවසා ඇති අතර තමා අදාළ මුස්ලිම් ඇමතිවරු සියලුදෙනාට ලබන සතියේ එකවර දිවුරන්නැයි උපදෙස් දී තිබූ බවද හෙළිකර ඇත.

ජනාධිපති ධුරයේ බලතල සම්බන්ධයෙන් වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ වන විට ඇති කොට තිබෙන වෙනස්කම් අනුව, ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීමත්, ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීමත් සිදුකර ඇත.

ජනාධිපතිවරණයේ දී ගෞරවණීය තීන්දුවකට එළැඹෙනවා - ජනපති

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරියන් සමඟ ඊයේ (19) පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස සියලූදෙනාට සතුටුවිය හැකි ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙළක් ඔස්සේ පක්ෂයේ කටයුතු ඉදිරියට මෙහෙයවන බවද ඔහු එහිදී කීය.

මේ රටේ පොදු ජනතාවගේ මෙන්ම මව්වරුන්ගේ පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමේ දී කාන්තා නියෝජිතවරියන්ට සුවිශේෂි වගකීමක් පැවරෙන අතර වත්මන් සමාජමය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් යහපත් සමාජයක් සහ රටක් ගොඩනැගීමට සිය සක්‍රීය දායකත්වය ලබාදීම එම සියලූදෙනාගේ වගකීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දිවයිනම නියෝජනය කරමින් මන්ත්‍රීවරියන් හමුවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ දී කාන්තා පෙරමුණ වඩා ශක්තිමත් කරමින් එහි සක්‍රීයව දායකත්වය පක්ෂය වෙනුවෙන් ලබා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

චැඩිදුරටත් මෙසේද කීය.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top