OPEN

#

OPEN

#

Jun 20, 2019

චම්පිකට එජාපයෙන් තනතුරක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික පක්ෂ තීරණය කර තිබේ.

එසේම ඒ සඳහා එක්ව සහය දුන් වෙනත් පක්ෂවල මන්ත්‍රීවරු කිහිපදෙනෙකුටද මෙසේ ආසන සංවිධායකම් දීමට තීරණය වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කාත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව මේ තීරනය ගෙන ඇත.

එහිදි පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා වි‍ ඇති අතර දුර්වල ආසන සංවිධායකයින් ඉවත් කර අලුතින් සුදුසු අය පත් කිරීමට තීරණය වී තිබේ.

ශ්‍රිලනිපයේ සිට පක්ෂයට සහයෝගය ලබා දෙන අයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට වන යෝජනාවක් ද ස්ථිර වී තිබේ.

අලුතින් පත් කළ යුතු අනෙකුත් ආසන සංවිධායකවරුන් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට පක්ෂයේ නායක, සභාපති සහ මහලේකම්ට පැවරී තිබේ.

බිම් මට්ටමින් පක්ෂයේ සංවිධාන කටයුතු ජුලි මස අග වන විට අවසන් කිරීමටත් පියවර ගන්නා ලෙස සියලුම සංවිධායකවරුන්ට දැනුම් දීමටත් තීරණය විය‍.

දේශපාලන පළිගැනිමට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බැවින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි සඳහන් කර තිබේ.

ගම්පෙරලිය ව්‍යාපෘථිය සඳහා පළමු පියවරේදි රුපියල් මිලියන 200 ක් වෙන් කළ බවත් දෙවැනි පියවර සඳහා තවත් මිලියන 100 ක් වෙන් කර ඇති බවත් ඉන්පසු තෙවැනි පියවරේදි තවත් මිලියන 100ක් වෙන් කරන බවත් අගමැතිවරයා මෙහිදි දැනුම් දි ඇත.

චම්පිකට මහරගම : සොයිසාට කටාන

මේ අතර, විජිත් විජයමුණිද සොයිසා මහතාට කටාන ආසන සංවිධායකධුරයත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට මහරගම ආසන සංවිධායකධුරය ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top