Jun 20, 2019

දකුණු ආසියාව ISIS ත්‍රස්ත වැඩවල ප්‍රධාන මධ්‍යස්ථානයක් - රුසියාව Featured

පාස්කු ඉරිදා දිනයේදි මෙරට ස්ථාන කිහිපයක සිදුවු පිපිරිම් මාළාව ISIS සටන්කාමින් විසින් සංවිධාන කර ඇතැයි රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් මහතා පවසයි.

රුසියානු ආරක්ෂක මණ්ඩලයේ 10 වැනි ජාත්‍යන්තර සමුලුව අමතමින් කොකකොව් මහතා කියා සිටියේ ගෝලිය ජිහාඞ් මතවාදයේ දේශිය ආධාරකරුවන් විසින් අදාල ප්‍රහාර මාළාව සිදු කර ඇති බවට තහවුරු වි ඇති බවයි.

සිරියාවේ හා ඉරාකයේදි ISIS සංවිධනය සමග සම්බන්ධ වී ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි රැඩිකල් කණ්ඩායමක සාමාජිකයින් අදාල පිපිරිම් ප්‍රයෝගිකව සංවිධාන කර ඇති බවද ඔහු හෙළිකර තිබේ.

ISIS සංවිධනායේ ත්‍රස්ත්‍රවාදි ක්‍රියාකාරකම්වල ප්‍රධාන මධ්‍යස්ථානයක් වන්නේ මැදපෙරදිග, දකුණ හා ගිනිකොණ දිග ආසියාව බවට අනාවරණ වි ඇති බවද රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් මහතා හෙළිදරව් කර ඇත.

මෙම ත්‍රස්ත්‍ර තර්ජන යුරෝපා සංගමයටද අයත් රටවලටද අදාල වන අතර නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඥ්ඤය සහ ප්‍රංශය යන රටවල මේ වන විට ත්‍රස්ත්‍ර ප්‍රහාර කිහිපයක් සිදුව ඇති බවද පෙන්වා දී තිබේ.

ඉදිරියේදි යුරෝපයට ත්‍රස්ත්‍ර ප්‍රහාර එල්ල කිරීමට ISIS සංවිධානය සැලසුම් කර ඇති බවට අනාවරණ වන බවද රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් මහතා එහිදී පවසා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top