Connect with us

පුවත්

2010 පුද්ගලයකු අතුරුදහන් කළාට නාවික කපිතාන්වරයෙක් CID අත්අඩංගුවට

Published

on

වසර දාහතරකට පෙර පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයකට නාවික හමුදා කපිතාන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය පෙරේදා (18) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නාවික හමුදා නිලධාරියා ඊළාම් යුද සමයේ නාවික හමුදා බුද්ධි නිලධාරියකු ලෙසින් සුවිශේෂී මෙහෙවරක් කළ අයකු බව නාවික හමුදාව පවසයි.

2010 ජූලි 26 දා කටුපොත පදිංචි ශාන්ත සමරවීර නමැති අයකුව අත්අඩංගුවට ගෙන සිරකර තබාගෙන අතුරුදන් කළ බව කියන චෝදනාවට මොහුව අත්අඩංගුවට ගෙන ඇත. 

එම සිදුවීම වන කාල සීමාවේ අලව්ව පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ලෙස සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුවද මෙම විමර්ශනවලට අදාළ පසුගිය වසරේ අත්අඩංගුවට ගෙන තිබිණි. 

ඉන් පසුව ඉකුත් ජුනි මාසයේ අලව්ව පොලිසියේ එම කාලසීමාවේ සේවය කළ සැරයන්වරුන් දෙදෙනකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.

මූලාශ්‍රය – අරුණ

පුවත්

NEXT ඇඟලුම් සේවකයන්ටත් නොකියා වසා දාලා; 1400කගේ රැකියා ඉවරයි

Published

on

By

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි  NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ.

පූර්ව දැනුම්දීමකින් තොරව මෙම කර්මාන්ත ශාලාව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබියතුරු දමා වසා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳීසිටින බව පැවසෙයි.

මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් ඉදිරි පියවරක් ගැන නොදැනුවත්ව අසරණවී සිටින බවද වාර්තා වෙයි.

නිෂ්පාදන පිරිවැය දරා ගැනීමට නොහැකි වීම සහ වසර කිහිපයක් පුරා ලාභ නොලැබීම මෙය වසා දැමීමට හේතුවී ඇති බවද පැවසේ.

Continue Reading

පුවත්

ජනපති නියමයෙන් නව පත්වීම් කිහිපයක්

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තනතුරු කිහිපයකට නව පත්වීම් සිදුකර තිබේ.

ඒ අනුව සිදුකෙරුනු පත්වීම් මෙසේය :
ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී – ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් – සම්පත් මන්ත්‍රීනායක මහතා

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් – ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා

උතුරු පළාත් ප්‍රධාන ලේකම් – තනුජා මුරුගේසන් මහත්මිය 

ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්ම මහත්මීන් වෙත පිළිගන්වන ලදී.

Continue Reading

පුවත්

රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර්යාලයෙන් වාහන

Published

on

By

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදුවිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පිරිනමන ලද මෙම වාහනවලට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් රණවිරු සේවා අධිකාරියට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදය කළේය. 

එහිදී  ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධිකාරිය වෙනුවෙන් මේජර් එරංග රත්නායක මහතා විසින් එම ලේඛන භාර ගනු ලැබීය.

මෙම වාහන අනුරාධපුරය, කඹුරුපිටිය සහ පාන්ගොල්ල පිහිටි අභිමංසල නිකේතනයන්හි සහ අත්තිඩිය මිහිදු සෙත් මැදුර, රාගම රණවිරු සෙවණ යන සුවසහන නිකේතනයන්හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිත සෙබළුන්ගේ කටයුතු වෙනුවෙන් යෙදවීමට නියමිතය. 

මෙසේ සුවසහන නිකේතනයන් වෙත බාර දෙනු ලැබුවේ මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප් රථ දෙකක්, නිසාන් පෙට්‍රල් ජීප් රථයක්, ටොයොටා කරීනා මෝටර් රථයක් සහ ටොයොටා හයිලක්ස් රථයකි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved