Jun 20, 2019

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීට හා දැව සංස්ථා සභාපතිට එරෙහිව නඩු

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රොපකරණ හා ගොඩනැගිලි විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 540ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන 20ක් ලබා ගැනීමේදී අත්අඩංගුවට පත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එස්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට අල්ලස් කොමිසම විසින් කොළඹ විශේෂ මහාධිකරණයේ අද(20) නඩු පවරා ඇත.

මීට අදාල අධිචෝදනා පත්‍රය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති අතර විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ නඩු පවරා ඇත.

එසේම පැමිණිල්ල සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 46 දෙනෙකු සහ ලේඛන 41ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top