ඒ අනුව එම පරීක්ෂණ සඳහා අවශ්‍ය මෙවලම් හා පරීක්ෂණ උපකරණවල යම් ඌනතාවයක් ඇත්නම් ඒ සියලු උපකරණ සපයා ගැනීමට පහසුකම් සපයා දෙන ලෙසට ද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කිහිපයක් මේ වන විට නිකුත් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මැයි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත මෙම පරීක්ෂණ කටයුතුවලට සහය ලබා දෙන ලෙස පවසමින් කුරුණෑගල රෝහලේ අධ්යක්ෂවරයා වෙත අධිකරණ නියෝගයක් ලබා දී ඇත.
එමෙන්ම පැමිණිලිකාරියන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් යුත් විශේෂඥ පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.
මෙම ස්ථාපිත කල විශේෂඥ පරීක්ෂණ මණ්ඩලය සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සභාපතීවරයා ලෙසත්, විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් දෙදෙනෙකුත් පත් කර තිබේ.