OPEN

#

OPEN

#

Jun 20, 2019

දරුවන් අතරේ පැපොලට සමාන උණ රෝගයක්

කුඩා දරුවන් අතර පැපොල රෝගයට සමාන වෛරසයක් පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

මෙම වෛරසයේ පළමු දිනයේ උණ වැළදීමෙන් පසු ශරිරියේ වතුර බිබිලි සහ රතු ලප ඇති වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

වාතයෙන් සහ ශරීර ස්පර්ශයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බවයි ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙම වෛරසය කිහිප අවස්ථාවකදී කුඩා දරුවන්ට වැළදිය හැකි බැවින් වෛරස වැළඳී ඇති දරුවන් දින කිහිපයක් පාසල් නොයවන ලෙස විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top