Jun 20, 2019

මුසම්මිල්ගේ තැන ඉසුරට

බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ලබාදී ඇත.

මීට පෙර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාය.

ජනාධිපතිවරයා විසින් කාටාර්හී හිටපු තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාටද අදාල ධුරය පිරිනැමීමට සූදානම්වී සිටියද ඒ මහතා එය ප‍්‍රතික්ෂේප කර තිබූ බව ශ‍්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top