Jun 24, 2019

නීතිවිරෝධීව මුහුදු ගිය 18ක් දැලේ

නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ ත්‍රිකුණාමලය සහ උප්පාරු මුහුදු ප්‍රදේශයන්හිදී අදාළ පුද්ගලයින් පිරිස අත්අඩංගුවට ගත් බවය.

ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී තහනම් ධීවර දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඩීංගි යාත්‍රා 04 ක් සමගින් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

එහිදී සිදු කළ විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණවී ඇත්තේ, අත්අඩංගුවට ගත් යාත්‍රා 04 න් දෙකක්ම එකම අංකයෙන් ලියාපදිංචි කර ඇති බවටය.

එහිදි ඔවුන් සන්තකයේ තිබී තහනම් ධීවර දැල් 02 ක් සහ නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 519 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top