OPEN

#

OPEN

#

Jun 24, 2019

සාලිගේ පොරොන්දුව ඉටු කලානම් පාස්කු ඉරිදා බෝම්බ පිපිරෙන්නෙ නෑ! Featured

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පොරොන්දු වූ පරිදි බුද්ධ ප්‍රතිමා, හින්දු හා කතෝලික දේව ප්‍රතිමාවලට හානි කළ බවට චෝදනා එල්ලව සිටි මොහොමඩ් ඉබ්‍රහීම් සාදික් අබ්දුල්ලා හා මොහොමඩ් ඉබ්‍රහීම් ෂහීඩ් අබ්දුල් හක් යන අයිය මලෝ දෙදෙනා පොලිසියට බාදරදී තිබුණා නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන් වලක්වා ගැනීමට ඉඩ තිබුණු බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා චෝදනා කරයි.

ඔහු කියා සිටින්නේ අදාළ සැකකරුවන් දෙදෙනා මොහොමඩ් සහ්රාන් සමඟ කිට්ටුවෙන් ගනුදෙනු කළ අය බවත්, ඔවුන් සහ්රාන් සැඟව සිටි ස්ථාන පවා දන්නා බවයි.

කෙසේවවුද, තමා යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වා මුස්ලිම් අන්තවාදී තවුහිත් ජමාත් සංවිධානයට අතත් බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ 13ක් අත්අඩංගුවට ගත් බවත් ඔහු කියා සිටී.

එම සැකකරුවන් දෙදෙනා හා ඔහුගේ පියා වන රෂීඩ් මොහොමඩ් ඊබ්‍රහීම්ද මේවන විට අත්අඩංගුවට පත්ව ඇතැයි ද, තමා විසින් මෙහෙයවූ පොලිස් කණ්ඩායමක් විසින් ඔවුන් අත්අඩංගුවට ලත් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

පියා අත්අඩංගුවට පත්වීමෙන් පසුව මාවනැල්ලේ හිඟුල ප්‍රදේශයේ ඔහුට අයත් නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා හෙළිකරයි.

මාවනැල්ලේ බුදු පිළිම කඩන අවස්ථාවේ සහ්රාන් එහි සිට ඇති බවත්, අදාළ අයියා මලෝ මෙහෙයවා ඇත්තේ ඔහු විසින් බවද පාලිත සිරිවර්ධන මහතා පවසයි.

සහ්රාන් අල්ලන්න කාත්තන්කුඩි ගියා

මේ අතර, මොහොමඩ් සහ්රාන් මේ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට කාත්තන්කුඩි වෙත පොලිස් කණ්ඩායමක් පිටත් කළ බවත්, සහ්රාන් අල්ලන්න කාත්තන්කුඩි වෙත ගියේ 2018 දෙසැම්බර් 31 වැනිදා බවත්, එහි ග්‍රාමසේවක නිලධාරිනිය සහරාන් 2017 සිට එහි නැති බවට ලිපියක්ද තමාට ලබාදුන් බවත් ඔහු හෙළිකර ඇත.

පුත්තලම් මෙහෙයුම

අදාළ සැකකරුවන් දෙදෙනා වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉඩමක සැඟව සිටින බවට ලද තොරතුරක් මත පසුව එම ඉඩමෙ කළ සෝදිසි මෙහෙයුමකින් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක් පිපිරවීම් සඳහා යොදාගන්නා ඩෙටනේටර් 700ක් සොයාගත් බවත්, එහිදී සිවුදෙනෙකු අත්අඩංගුවට පත්වූ බවද ඔවුන් තුන්මසක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගත් බවත් නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පවසයි.

මේ අතරින් නෆීස් මොහොමඩ් නෆ්‍රීඩ් හා මොහොමඩ් නමින් යන දෙදෙනා මාස දෙකකට පසුව මුදා හැර ඇති බවත් පැවසේ.

මූලාශ්‍රය - ලංකාදීප 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top