Jun 24, 2019

මාලිගේ හැකියාවට මහේලගෙන් සහතිකයක් Featured

පසුගිය දිනවල ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංගගේ උදරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඉදිරියේ පළ කරමින් මත දැක්වූවන්ට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුළින් පිළිතුරු ලබා දී තිබේ.

ඒ 'මේක සික්ස් පැක් (Six Pack) ගැන දෙයක් නෙමෙයි. මේක දක්ෂතාවය පිළිබඳව දෙයක්. ලසිත් මාලිංග තමන්ගේ දක්ෂතාව පෙන්වූවා.' යැයි සඳහන් කරමිනි. 

"මාලිංග ශ‍්‍රී ලංකාවට අවශ්‍යම වෙලාවේ හැමදාමත් දක්ෂතා දක්වපු කෙනෙක්. ඔහු පසුගිය වසර දහය පුරාම ඒ දේ කරලා තියෙනවා. ඔහු දැනුත් උපරිම දක්ෂතාවල ඉන්න එක සතුටක්. ඔහු අලූත් පන්දුවෙන් මෙහෙයුමක හිටියේ. ලොකු ක‍්‍රීඩකයන් ලොකු තරගවලදී දක්ෂතා දක්වනවා. මේ ශ‍්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයක්. ලෝක කුසලාන ඉදිරි ගමනටත් හොඳ දෙයක්. දැන් අවසන් පූර්ව වටයට එන්න වැඩි අවස්ථාවක් නිර්මාණය වෙනවා. මුල් ස්ථානවල ඉන්න කණ්ඩායම් හතර එකිනෙකා ක‍්‍රීඩා කරන විට ලකුණු අඩු වැඩි වේවි. නවසීලන්තයට ඉදිරියේදී ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය සමගත් තරග කරන්න තියෙනවා. මේ තත්ත්වය ශ‍්‍රී ලංකාවට. බංග්ලාදේශය සහ කොදෙව් කණ්ඩායමට ලොකු අවස්ථාවක් තරග ජය ගෙන ලකුණු පරතර අඩුකර ගැනීමට.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top