එවැනි වෛරී ප්‍රකාශ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරන බව ඒ මහාතා අද (24) කියා සිටියේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ පසුගියදා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකට එක් වෙමිනි.
ගැටුම් සන්නිවේදන කළමනාකරණය පිළිබඳ ජනමාධ්‍ය වැඩමුළුව සංවිධාන කර තිබුනේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පර්යේෂන අංශය විසිනි.
සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන බොහෝ තොරතුරු යහපත්වන නමුත් ඇතැම් අතලොස්සක් වූ වෛරී ප්‍රකාශයක් තුළින් දැවැන්ත ව්‍යසනයක් කිරීමට සමත්වන බව රුවන් ගුණසේකර මහතා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම වරෙක කුඩා දරුවෙකුට පියා විසින් බීර පොවන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වූ බවත් අනතුරුව එය පොලිස් විමර්ශන වෙනුවෙන් අදාළ සිද්ධිය වෙනුවෙන් භාවිත කළ බවත් ඒ මහතා සිහිපත් කළේය.