Jun 24, 2019

වැල්ලවායේ භූගත හොර කච්චේරියක් වටලයි (ඡායා)

සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ ලෙස සැකසූ වැලි බලපත්‍රයක් පිළිබඳ ඇති වූ සැකකයක් මත වැල්ලවාය පොලිස් බුද්ධි නිලදාරීන් කළ විමර්ශනයකින් පසු මෙම ස්ථානයට අනාවරණය කර ගැනිණ.

මෙම කච්චේරිය බෝධිවර්ධනාරාම පාර, කොස්තලවින්න, රත්නපුර යන ලිපිනයේ පිහිටි නිවසක භූගත ස්ථානයක මෙම පවත්වාගෙන ගොස් ඇත. එහිදී ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍ර 63ක්, පරිගණක, ස්කෑන් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැනිණ.

මෙම සැකකරු විසින් ජාතික හැඳුනුම්පත්, අධ්‍යාපන සහතික, උපාධි සහතික, උප්පැන්න, මරණ, විවාහ සහතික, ආදායම් බලපත්‍ර, වැලිප්‍රවාහන බලපත්‍ර, ජල විදුලි බිල්පත්, ඉඩම් ඔප්පු ඇතුළු ලියකියවිලි රැසක් ව්‍යාජ ලෙස සකස් කර තිබියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දීර්ඝකාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ. 63 හැවිරිදි මෙම සැකකරු මීට පෙර ද මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙකු බව පොලිසිය පවසයි. ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top