Jun 24, 2019

වැල්ලම්පිටිය කර්මාන්ත ශාලාවේ අබ්දුල්ලා යළි රිමාන්ඩ්

වැල්ලම්පිටිය, තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවට ගත් සේවකයින් අතරින් 10 වන සැකකරුවන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන මස 8 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කියා සිටියේ සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කරන බවයි.

මොහුට ඇප ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටිය ද අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top