Jun 24, 2019

19 අහෝසි කිරීම රටට උචිත නැතැයි පැෆරල් සංවිධානය කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

රාජ්‍ය පාලනයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධන අහෝසි කළ යුතු බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පුද්ගලික හේතු කාරණා මත අහෝසි කරන්නේ නම් එය රටට කිසිසේත් උචිත නොවන බවද ඔහු කියා සිටී

වර්තමානයේ සිදුකළ යුතුව පවතින්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකර ඊට සංශෝධන එක් කිරීම පමණක් බවත් හෙතෙම කීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top