OPEN

#

OPEN

#

Jun 25, 2019

කරදියාන කුණු කන්ද නායයාමේ අවදානමක්

කරදියාන කසළ අංගනය දකුණුපස නායයෑමේ අවදානමක් හේතුවෙන් එම කලාපයෙන් පවුල් 15ක් ඉවත්කිරීමට කටයුතු කළ බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පැවසීය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයෙන් ලබාගත් තත්ත්ව සහතිකයට අනුව ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

කෙටිකාලීන විසඳුමක් ලෙස ඉවත්කළ නිවැසියන්ට මාස හයකට කුළී පදනම යටතේ නිවසක් ලබා ගැනීමට රුපියල් 20,000 බැගින් ලබා දී ඇති බව සඳහන් කරන මාන්නප්පෙරුම මහතා ඉවත්කළ නිවැසියන්ගේ ඉඩම් තක්සේරු කර වන්දි මුදල් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවද පැවසීය.

ප්‍රධාන පවුල් 13ක් සහ අනුපවුල් දෙකක් මෙසේ ඉවත්කර ඇති අතර‍ එසේ පවරාගන්නට සැලසුම් කර ඇති ඉඩමේ ප්‍රමාණය අක්කර 6ක් බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top