OPEN

#

OPEN

#

Jun 25, 2019

රිෂාඩ් විශේෂ කාරක සභාව හමුවට

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට (26) පෙනී සිටීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසා ඇත්තේ විශේෂ කාරක සභාව හමුවේ හෙට පෙනී සිටින්නැයි එම කාරක සභාව තමාට දැනුම් දී ඇති බව හා තමා දන්නා සියලු තොරතුරු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවය.

රිෂාඞ් බදියුදීන් මහතාට අමතරව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක සහ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක යන මහත්වරුන් සහ ආයතන ප්‍රධානීන් කිහිප දෙනකු ද විශේෂ කාරක සභාව හමුවට හෙට කැඳවීමට නියමිතය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට රැස්වන්නේ හයවැනි වතාවටය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top