Jun 25, 2019

" සමෘද්ධිලාභීන්ගෙන් සල්ලි ගන්නේ නෑ"

සමෘද්ධිලාභීන්ගෙන් රජය කිසිදු මුදලක් අය නොකරන බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

ඇතැම් පිරිස් සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් මුදල් අයකරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එය නීති විරෝධි බැවින් ඒ පිළිබඳව පොලිසියට හෝ තම අමාත්‍යාංශයට දැනුම් දිය හැකි බව අද (25) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"මට දැන් නොයෙක් පළාත්වලින් වාර්තා වෙනවා සමහර සමෘද්ධි නිලධාරීන් ඒ සමෘද්ධි ලාභීන්ගෙන් නොයෙක් ආකාරයට මුදල් එකතු කරනවා කියලා. කිසිම කෙනෙක් එහෙම මුදල් කාටවත් ගෙවන්න අවශ්‍ය නැහැ. ප්‍රජා මූල සමිතියක් අපි හදනවා. ප්‍රජා මූල සමිතියට තමන් බැඳෙන කොට තමන්ගේ සමිතියට රුපියල් සියයක් දීලා, මාසික ගාස්තුව රුපියල් 20ක්. මූලිකව ඒ රුපියල් 120 ගෙවලා ප්‍රජා මූල සමිතියට බැඳෙන්න. සමෘද්ධි බැංකුවට ගිහිල්ලා තමන්ගේ ගිණුම අරින්න රුපියල් සියයක් දාන්න. එච්චරයි යන්නේ.

ඊට පස්සේ තමුන්ට ලැබිය යුතු සමෘද්ධි ප්‍රතිලාභය මම බලාපොරොත්තු වෙනවා ජුලි මාසේ 30 වෙනිදායි ඉස්සෙල්ලා තමන්ගේ ගිණුමට වැඩෙනවා. කවුරුහරි වෙන ආකාරයකට මුදල් මෙම සමෘද්ධි ප්‍රතිලාභී ලබා දෙන්න අවශ්‍යයැයි කියලා එහෙම එකතු කරනවානම් කරුණාකරලා පොලිසියේ ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. එහෙම නැත්නම් කරුණාකරලා අපිට වහාම දන්වන්න"

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top