Jun 25, 2019

රොෂාන්ගේ අලි නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපති ඉල්ලයි

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරනු ලබන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබේ.

රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ, එම විත්තිකරුවන් විසින් අලි ඇතුන් 5 දෙනෙකු නීති විරෝධීව ජාවාරම් කර රුපියල් මිලියන 30කට අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් එම නඩුව ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරුවරයාට දන්වා ඇති බව ය.

කොළඹ මහාධිකරණය හමුවේ මොවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතව ඇත්තේ අධිචෝදනා 36ක් යටතේ වන අතර අලි රොෂාන්ට අමතරව හිටපු වනජීවී අධ්‍යක්ෂ උපාලි පද්මසිරි මහතා ඇතුළු 8 දෙනෙකු නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top