OPEN

#

OPEN

#

Jun 25, 2019

තවත් පෞද්ගලික බැංකුවක් අනතුරේ !

මීට සිවුවසරකට පෙර ලංකාවේ ප්‍රධාන පෞද්ගලික බැංකුවක බිලියනයක කොටස් (1 Billion Shares) විදේශිකයකුට විකුණා දැමීම හේතුවෙන් අදාළ බැංකුව මේවන කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

අදාළ බැංකුව මේවන විට ලාභ නොලබන තත්ත්වයක් තුළ මේ කඩා වැටීමේ අවදානම ඇතිව ඇති බවද පැවසේ.

ඒ අනුව අදාල විදේශිකයා සිය කොටස් බිලියනය වාහම විකුණා දමා විදේශගත වන්නට තීන්දු කොට ඇති බවද මේ අතර වාර්තා වේ.

මේ හේතුව නිසා එම බැංකුවේ තැම්පත්කරුවන්ගේ මුදල් ඉතා අවදානම් තත්වයකට පත්ව ඇති බවත්, එමෙන්ම බැංකු සේවකයින් රැකියා සඳහා හොර රහසේ වෙනත් බැංකුවලට මාරුවෙමින් සිටින බවද පැවසේ.

මේ බැංකුව සතුව බෞද්ධ භික්ෂුන් වහන්සේලා සතු රුපියල් බිලියනය ඉක්මවූ තැන්පතු පැවතීමද සුවිසේෂි කාරනාවක් වන අතර යම් හෙයකින් බැංකුව වසා දැමීමට සිදු වුවහොත් සෙලින්කෝ සමාගම සතු ගෝල්ඩන් කී සමාගමේ වංචාව වැනිම සිදුවීමක් සිදුවන්නට ඉඩ ඇති බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top