"පොළොන්නරුවේ සුද්දා” නමින් මොහු හැඳින්වෙන අතර පොළොන්නරුවේ සිදු වූ මිනිස් ඝාතනයකට වරදකරුවෙමින් මරණිය දණ්ඩනය නියම වී බන්ධනාගාරගත කර ඇත්තේ මෙයට වසර හය හතකට පමණ පෙර බව පොලිසිය සඳහන් කරයි.
බන්ධනාගාරයේ සිට ජංගම දුරකතනයකින් ඔහු මෙම කප්පම් ජාවාරම මෙහෙයවා ඇති බවත් කප්පම් මුදල් ඔහු විසින් ලබාගෙන ඇත්තේ සිය මිතුරන් දෙදෙනකුගේ බැංකු ගිණුම් වලට බැරකරවාගෙන බවත් විමර්ශන වලින් හෙළි වී තිබේ.
එම ගිණුම් හිමියන් දෙදෙනාවද සැකපිට පෙරේදා (24) පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනාද පොළොන්නරුවේ පදිංචිකරුවන්ය බව පැවසේ.
ප්රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ සිය බැංකු ගිණුම් වලට ලැබෙන මුලින් කොටසක් තබාගෙන ඉතිරි මුදල් ඊෂි කෑෂ් ක්රමයට බන්ධනාගාර ගතව සිටින සිය මිතුරාට යොමුකරන බවය.
කප්පම් ගන්න භාවිතා කළ දුරකථනයෙන් පොලිස් මූලස්ථානයටත් කථා කරලා
කප්පම් ඉල්ලා තර්ජනය කරන ජංගම දුරකතනයේ ඇමතුම් විශ්ලේෂණය කිරීමේදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ විටෙන් විට ඔහු පොලිස් මූලස්ථානයටද පොලිස් ස්ථාන කිහිපයකට ද දුරකතන ඇමතුම් ලබාගෙන ඇති බවය.
ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.
රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 10 දක්වා ප්රමාණයන් වලින් ඔහු කප්පම් ලබාගෙන ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
එසේ කප්පම් ලබාදුන් බොහෝ අය පාතාලයට ඇති බිය නිසා ඒ ගැන පැමිණිලි කැර නොමැති අතර කප්පම් ලබාදුන් පුද්ගලයින් මේ වන විට හඳුනාගෙන ඇති බවද පැවසේ.