මෙම මැතිවරණයේ දී පළාත් පාලන ආයතන නියෝජිතයින් 8,325ක් තෝරාපත් කර ගැනීමට නියමිතය.
එක කතිරයයි !
පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ තමන් කැමති අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ ලාංඡනය ඉදිරියේ ඇති කොටුවේ එකම එක කතිරයක් (X) පමණක් යෙදීමෙන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල නම් සිංහල අකාරාදි පිළිවෙළටත්, ස්වාධීන කණ්ඩායම් අංක පිළිවෙළටත්, ලාංඡනද සමඟ ඡන්ද පත්‍රිකාවට ඇතුළත්ව ඇති අතර එම ලාංඡන ඉදිරියේ ඡන්දය සලකුණු කිරීමට හිස් කොටුවක් බැගින් පවතී.
ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ එකම එක කතිරයක් පමණක් යෙදීමෙන් වන අතර එම එකම කතිරයට අමතරව වෙනත් කතිර හෝ සලකුණු යෙදීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බවද කොමිසම පවසයි.
ඡන්ද මධ්‍යස්ථානය තුළ අනුගමනය කළ යුත් පියවර සිංහල හා දෙමළ භාෂා වලින් පහත දැක්වේ.