මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයා ඊයේ (09 වැනිදා) රාත්රීයේ මාදම්පේ - නෙළුම්පොකුණ ප්රදේශයේ පිහිටි නිවසකට ගොස් කලබලයක් ඇති කර තිබේ.
එම නිවසේ හිමිකරුද පෙරලා අපේක්ෂකයා පදිංචි මාදම්පේ - සුදුවැල්ල ප්රදේශයේ පිහිටි නිවසට ගොස් කලබලයක් ඇති කර ඇති බව පොලීසිය කියයි.
මෙම සිද්ධියේදී නිවාස දෙකෙහිම සුළු දේපල හානියක් සිදුවී ඇත.
ගැටුමටඑ සම්බන්ධ දෙපාර්ශවයම සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිළි කිරීම සදහා අද (10 වැනිදා) මාදම්පේ පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හලාවත මහේස්ත්රාත් අධිකරණයට අද (10 වැනිදා) දහවල් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජූඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු