Feb 10, 2018

ඡන්ද අපේක්ෂකයා ඡන්ද දායකයාගේ මුහුණ තුවාලකරලා (ඡායා)

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ ඡන්ද අපේක්ෂකයෙකු විරුද්ධ පක්ෂ ඡන්ද දායකයෙකුට අද(10දා) දහවල් පහරදී ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා ඡන්ද මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමේදී  ඉලංගෙයි තමිල් අරසුකච්චි  පක්ෂ ඡන්ද අපේක්ෂකයා විසින් පහර දී ඇති බවයි.

ඡන්ද දායකයාට පහර දුන් ඡන්ද අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විට පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

තුවාල ලැබූ පුද්ගලයා පුදුකුඩිඉරිප්පු රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහුගේ මුහුණද තුවාල වී ඇති බව වාර්තාවේ.

මාධව කුලසූරිය (වව්නියාව වාර්තාකරු)

Attac1

Attac2

2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top