Feb 10, 2018

ඡන්ද දායකයන් සිසිල් කල අයෙක් අත්අඩංගුවට

ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ ඡන්ද දායකයන්ට සිසිල් බීම බෙදා දෙමින් සිටි අයෙකු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (10 දා) දහවල් පුත්තලම තිල්අඩිය ,රිෂාඩ් බදියුදීන් මහාවිද්‍යාලය ආසන්නයේදී මෙය සිදුව තිබේ.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජූඩ් සමන්ත (පුත්තලම වාර්තාකරු)

2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top