දහවල් දෙක වනවිට රට පුරාම 60% කට වැඩි ජන්ද ප්‍රමාණයක් ප්‍රකාශ වී තිබුණු බව තේරීම් භාර නිලධාරීහු පවසති.
සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු කොට, මැතිවරණය පැවැත්වෙන ජන්ද මධ්‍යස්ථාන 13,374 කටයුතු සාමකාමීව සිදු වූ බව ද වාර්තා වේ.
ඡන්දය භාවිත කිරීම සඳහා මෙවර පුද්ගලයන් 15,760,867 සුදුසුකම් ලබා සිටියහ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත තාවකාලිකව අත්හිටුවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද දායකයන්ට හැර අනිකුත් සියලු දෙනාටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවේ.
මැතිවරණය මේ වනතුරු සාමකාමීව පැවැත්වෙන බව පොලිසිය හා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ප්‍රකාශ කරති.
වැඩිම ඡන්ද ප්‍රකාශ කිරීම :
මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක් වී ඇතැයි තේරීම්භාර නිලධාරීහූ කියති.
වැඩිම ඡන්ද ප්‍රකාශ කිරීම ත්‍රිකුණාමලය සහ අනුරාධපුරයෙන් වාර්තා වන අතර එය 85%ක ප්‍රතිශතකයකි.
සවස 4.00 වන විට වාර්තා වී තිබූ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මෙසේය,
ත්‍රිකුණාමලය - 85%
අනුරාධපුරය - 85%
කළුතර - 80%
මාතලේ - 80%
මොණරාගල - 80%
කුරුණෑගල - 78%
මුලතිව් - 78%
ගම්පහ - 75%
ගාල්ල - 75%
පොළොන්නරුව - 75%
පුත්තලම - 73%
කෑගල්ල - 70%
මාතර - 70%
අම්පාර - 70%
බදුල්ල - 65%