Pasidol
Sathosa Ad Final Sinhala
Feb 10, 2018

ආණ්ඩු විරෝධී ජනමතයක් : 'පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්'

මේවනවිට ලැබී ඇති නොනිල වාර්තා අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ සහය ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශාල ජයග්‍රහණයක් ලබමින් ඉදිරියෙන් සිටින බව වාර්තාවේ.

ඒ අනුව දිස්ත්‍රීක් 15ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටියි.

කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල එකසත් ජාතික පක්ෂය ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානියකු පැවසුයේ, මෙය ආණ්ඩුවට එරෙහි ජනමත විචාරණයක් ලෙස සැලකිය හැකි බවයි.

සියලු සමීක්ෂණ බොරු වෙයි !

රජයේ බුද්ධි අංශ ඇතුළු ඡන්ද සමීක්ෂණ ලබාදුන් සියලුම ආයතන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක ඉදිරියෙන් සිටින බවට සමීක්ෂණ වාර්තා ලබා දී තිබුණ ද මේ වන විට ජනතා මතය ඊට හාත්පසින්ම වෙනස් ලෙස ප්‍රකාශයට පත්ව තිබේ.

මතු සම්බන්ධයි ....

2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top