Feb 10, 2018

මැතිවරණ නිලධාරීන් 7 ක් රෝහලේ

අද දින පැවැත්වූ පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශයක් නිකුත් කළේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

"මම ඡන්ද ප්‍රතිඵල 8.00 දෙනවා කිව්වොත් 8.01 ට අහනවා කෝ ප්‍රතිඵල කියලා.ඊට වඩා හොඳයි හෙට දවල් 12 ට දෙනවා කියන එක. 14 වැනිදා වෙනකොට අපි ප්‍රතිඵල වෙබ් අඩවියට ඇතුල් කිරීමට බලාපොරොත්තු වෙනවා".

"දැනටත් අපේ කොළඹ දිසිත්‍රික් කාර්යාලයේ 21 දෙනාගෙන් 07ක් රෝහලේ ඉන්නේ. හේතුව අධික වෙහෙස, තෙහෙට්ටුව, දරා ගැනීමට නොහැකි තරම් පැවරී ඇති වැඩ " යනුවෙන් පැවසීය.

අද දින පැවති ඡන්දයේ පළමු නිළ ඡන්ද ප්‍රතිඵලය තව ස්වල්ප වේලාවකින් ලබා දීමට හැකිවනු ඇති බවද මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top