එජාප නායකත්වය හා එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ සමයේ සිදුකල ද්වේශ සහගත ප්‍රකාශ හා යහපාලන ආණ්ඩුව රැකගැනීම යයි කියා ඊට නිසි පිළිතුරුදීමට පක්ෂ නායකත්වය කටයුතු නොකිරීම පළාත් පාලන මැතිවරණයේ පරාජයට ප්‍රධාන හේතුවක් බව ඔවුන්ගේ අදහස වී ඇත.
අගමැතිවරයා ප්රමුඛ එජාප කැබිනට් අමාත්‍යවරුන් විසින් ගනු ලබන තීන්දු හා ක්‍රියාමාර්ග වලට දිගින් දිගටම බාධා කරමින් ජනාධිපතිවරයා පසුගිය සමයේ දේශපාලන වාසි තකා හැසුරුන ආකාරයද එම ඇමතිවරුන්ගේ විවේචනයට ලක්ව ඇත.
තවදුරටත් යහපාලන සම්මුති ආණ්ඩුවේ සිටිමින් පක්ෂය විනාශවීමට ඉඩදෙනවාද නැද්ද යන්න කෙරෙහි වහා තීන්දුවක් ගතයුතු බවට එම ඇමතිවරුන් අගමැතිවරයාට අවධාරණය කරමින් සිටින බව 'සිරිකොත' ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
එජාප මන්ත්‍රීවරුන් 107 දෙනෙකු මේවනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර බහුතර බලයකට අවශ්‍ය වී ඇත්තේ තවත් මන්ත්‍රීවරුන් 06 දෙනෙකු පමණී.