ඒ මොණරාගල, අනුරාධපුර, රත්නපුර දිස්ත්රික්යේ සියලු සභාවන් මෙන්ම හම්බන්තොට, මාතර, ගාල්ල, මාතලේ, මහනුවර, පුත්තලම, කෑගල්ල යන දිස්ත්රික්වල එක් සභාවක් හැරුණු විට අනිකුත් සියලුම සභාවන් ද කුරුණෑගල දිස්ත්රික්යේ කුරුණෑගල මහ නගර සභාව හා කුලියාපිටිය නගර සභාව හැර සම්පූර්ණ දිස්ත්රික්ය ද බදුල්ල, අම්පාර, ත්රිකුණාමල, නුවරඑළිය දිස්ත්රික්වල සියලුම සිංහල බහුතරය සිටින සභාවන් ඇතුළුවය.
එමෙන්ම කොළඹ, දෙහිවල ගල්කිස්ස, මහනුවර, කුරුණෑගල, බදුල්ල, නුවරඑළිය මහ නගර සභා ඇතුළු පලාත් ආයතනයන් 25 ක් පමණ එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගෙන ඇත.
පොලොන්නරුව දිස්ත්රික්යේ පලාත් පාලන 4 ක් පමණක් මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් දිනාගෙන තිබේ.
අනිකුත් සුලු ජාතික පක්ෂ විසින් පළාත් පාලන ආයතන 61 ක් පමණ දිනා ගෙන ඇත.
‘මව්බිමට අලුත් උදෑසනක්’ - මහින්දගෙන් ෆේස්බුක් සටහනක්
මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් වාර්තා කරමින් ඇති අති දැවැන්ත ජයග්රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර ඇත.
‘මව්බිමට අලුත් උදෑසනක්’ යන හිසින් පල කර ඇති ඒ සදහා අති මහත් ප්රතිචාර ලැබෙමින් පවතී.
2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්