Jun 26, 2019

ආණ්ඩුව හාමුදුරුවරු රක්ෂණය කරයි

මෙරට වැඩවසන හතලිස්දහසක් පමණ වන භික්ෂූන් වහන්සේ උදෙසා නව සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ප්‍රථමවරට හඳුන්වාදීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

බුද්ධහාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ දැනට අග්‍රහාර සහ සුරක්ෂා රක්ෂණයට හිමිකම් නොකියන සියලු භික්ෂූන් වහන්සේලාට නව සෞඛ්‍ය ණය රක්ෂණය ලබාදෙන බවයි.

බුද්ධශාසන අරමුදල මගින් මූල්‍ය ප්‍රතිපාදන ලබාගනිමින් බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව මේ රක්ෂණ ක්‍රමය ආරම්භ කර තිබේ.

මේ භික්ෂු සෞඛ්‍ය රක්ෂණය මගින් වාර්ෂිකව රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් ලබාදෙන අතර, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අවස්ථාවක රක්ෂණ හිමිකම්කියන භික්ෂුවකට රුපියල් ලක්ෂ දෙකක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි හිමිවේ.

රජයේ හෝ ආයුර්වේද රෝහලක ප්‍රතිකාර ලබන අවස්ථාවක රක්ෂණ හිමිකම් කියන භික්ෂුවකට දිනකට රුපියල් 3,00 ක ගාස්තුවක්ද මේ රක්ෂණයෙන් හිමිවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top