Jun 26, 2019

රෝගීන්ට නොමිලේ ආහාර දෙන ජනපෝෂ ව්‍යාපෘතිය නවතියි Featured

අසරණ ජනතාව වෙනුවෙන් වසර ගණනක් පුරා සේවය සැපයු ජනපෝෂ පදනම කොළඹ මහ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල සහ මහරගම අපේක්ෂා රෝහලේ සිය නොමිලයේ ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.

ඊයේ 25 වැනිදා සිට මෙලෙස සිය ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය නවතා දමන බව තමන් දන්වා සිටින්නේ දැඩි කණස්සල්ලෙන් සහ කම්පාවෙන් බව ද ඔවුන් සදහන් කර ඇත.

ජනපෝෂ ව්‍යාපෘතිය 2012 වසරේ පටන් නිහඬව ම මෙරට දුගී සහ අවම වරප්‍රසාද ලාභී ප්‍රජාව වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කළ බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.

තවද, මෙම සද් කාර්යය සඳහා අසමසම කැපවීමෙන් කටයුතු කරන විවිධ ජනවර්ගවලට අයත් කාර්යමණ්ඩල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් යම් ගැටුමක් ඇතිවුවහොත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ද මෙම තීරණයට පදනම් වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

නිවේදනය පහත දැක්වේ.

Janaposha1 670px 19 06 26

Janaposha2 670px 19 06 26

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top