තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා සඳහන් කර සිටියේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදුන් පුද්ගලයින්ගේ සාක්ෂි වල බරපතළ ඌනතා සහ පරස්පරතාවයක් දක්නට තිබෙන බව හා එය පැමිණිල්ල විසින් ද පිළිගෙන තිබෙන බවය.
2016 වසරේ මට්ටක්කුලිය, සමිට් පුර ප්රදේශයේ දී පුද්ගලයන් 05 දෙනෙකු වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් නව දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබූණි.
පොලිස් විමර්ශනවල ද බරපතළ සැකයන් දක්නට තිබෙන බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව කියා සිටියේය.