Jun 26, 2019

මෝර වරල් කිලෝ 854ක් එක්ක අයෙක් දැලේ

මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලිමකදි දුර්ලභ වූ මෝර වරල් කිලෝ 854 ග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි අදාළ මෝර වරල් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මෝර වරල් තොගය අධිශිතකරණය කරන ‍ලද ලොරියක් තුළ ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබියදි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 48ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා මෝර වරල් සහ ලොරිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දිමට කටයුතු කරන ලදී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top