Jun 26, 2019

සේවක ඇඳුම් චක්‍රලේඛනයට සංශෝධනයක්

මහජන ආරක්ෂාව සඳහා පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවෙන ආකාරයට,රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන අයුරින් සුදුසු සංවරශීලි ඇඳුමකින් සැරසී, රාජ්‍ය නිලධාරීන් රාජකාරී වේලාව තුළ සිය කාර්යාල පරිශ්‍රය තුළට පැමිණිමේ විධිවිධාන ඇතුළත් කරමින් චක්‍රලේඛන උපදෙස් නිකුත් කිරීම සඳහා වු යෝජනාවට කැබිනට් අනුමැති හිමිව තිබේ.

මෙම යෝජනාව රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් රාජකාරී වේලාව තුළ සිය කාර්යාල පරිශ්‍රය තුළට පැමිණිමේ දී පිරිමි නිලධාරින් කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතු අතර, කාන්තා නිලධාරිනියන් සාරිය, ඔසරිය හෝ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන අයුරින් සුදුසු සංවරශීලි ඇඳුමකින් සැරසී සිටිය යුතු බවත් සෑම විටම නිලධාරිනියගේ මුහුණ නිරාවරණය වී තිබිය යුතු අතර, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවන ඇඳුමක් විය යුතු බවත් ඇතුළු විධිවිධාන ඇතුළත් කරමින් චක්‍රලේඛන උපදෙස් නිකුත් කිරීම සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top